Sunday, December 28, 2025
Follow Us
නොමිලේ තෙල් දුන් ඉන්ධනහල

තවත් ඉන්ධන හලකින් බත් දානයක්


ඉන්ධනහලක් මගින් ජනතාවට නොමිලේ භූමිතෙල් බෙදාදීමක් අද (25) සිදුවිය.

ඒ, මහරගම දෙහිවල පාරේ ලංගම ඩිපෝව ආසන්නයේ පිහිටා ඇති හයිවේ එන්ට(ර්)ප්‍රයිසස් නම් ඉන්ධනහල මගිනි.

එම ඉන්ධනහලේ හිමිකරු එම්. ඩී. එස්. පෙරේරා මහතා සඳහන් කළේ ජනතාවගේ පීඩාවලට යම් සහනයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව භූමිතෙල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් ඉන්ධනහල අසලට රැස්වී තිබුණි.

මේ අතර එහි සිටි කාන්තාවක් සහ දරුවෙක් ද හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇදවැටී තිබුණි.

දරුවාගේ මව සඳහන් කළේ දරුවා මදක් අසනීප තත්ත්වයෙන් පසුවූ බවත් භූමිතෙල් අත්‍යවශ්‍ය නිසා දරුවා රැගෙන මෙම ස්ථානයට පැමිණි බවය.

මේ අතර ඉංගිරියේ ඌරුගල සිපෙට්කෝ ඉන්ධනහලේ හිමිකරු ද ඉන්ධන ලබාගැනීම සඳහා එහි පෝලිම්වල රැඳීසිටි ජනතාවට දිවා රාත්‍රී දෙකෙහිම ආහාර ලබාදීමක් සිදුකර තිබුණි.

එහි හිමිකරු හිමිකරු කැලුම් ප්‍රසන්න මහතා සඳහන් කළේ ජනතාවගේ අපහසුතාවය තේරුම් ගෙන තමන් මෙම ක්‍රියාව සිදුකළ බවය.

Aruna