ටැංකි රථ රියදුරුන් සහ සේවකයින් දැඩි අපහසුතාවයට පත්වෙයි
මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු 40%ක් දක්වා පහත වැටී ඇති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
එහි සම ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කර සිටින්නේ රට පුරා නිසි පරිදි ඉන්ධන ප්‍රවාහනය ද සිදුනොවන බවයි.
මෙම තත්ත්වය මත ටැංකි රථ රියදුරුන් සහ සේවකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Aruna