Monday, February 16, 2026
Follow Us
බෆල් දෙක හොරකම් කරන්න රියදුරා මරලා

ත්‍රිරෝද රථ රියදුරෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරයි


ගල්කිස්ස තෙලවල ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඝාතනය කර ත්‍රිරෝද රථයේ සවිකර තිබූ කැසට් රෙකෝඩරය සහ, බෆල් දෙක සොරාගත් (39) හැවිරිදි පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් තෙලවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහු මෙම කොල්ලකෑම සිදුකිරීම සඳහා පසුගිය 16 දින මෙම තීරෝද රථ රියදුරු පැහැරගෙන ගොස් ඝාතනය කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මෙම සැකකරු යතුරු පැදි සොරාගැනීම, දිවා කාලයේ නිවෙස් බිඳ දේපළ සොරා ගැනීම , රන් භාණ්ඩ කොල්ලකෑම , ආදී අපරාධ සම්බන්ධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.

Aruna