හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනුනොත් වහාම රෝහල්ගත වන්න
මැදිවියේ සහ මැදිවිය ඉක්මවූ පුද්ගලයින් තෙල් පෝලිම්වල සිටීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ අනුව ඔහු ජනතාගෙන් ඉල්ලා සිටින්නේ දියවැඩියාව අධිරුධිර පීඩනය වැනි දීර්ඝ කාලීනව ඇති රෝග තිබෙන පුද්ගලයින් තෙල් පොලීම්වල සිටීමේදී පපුව රිදීමක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනුනහොත් තවදුරටත් පෝලිම්වල රැඳී නොසිට හැකි ඉක්මනින් රෝහලට යන ලෙසයි.
එසේම වාහනය පෝලීමේ නවතා තැබීමේදී වාහනය තුළටම වී සිටීමෙන් අධික ලෙස දහඩිය දැමීම හා විජලනය තත්ත්වයක් ඇති විය හැකි නිසා වාහනය එම ස්ථානයේ තබා වාතාශ්‍රය සහිත සෙවන ස්ථානයක සිටින ලෙස වෛද්‍යවරයා උපදෙස් ලබාදී ඇත.
සාමාන්‍යයෙන් වැඩිහිටියෙකු දිනකට ජලය ලීටර 2 ක් හෝ 2.5 ක් භාවිතා කළ යුතු බවත් පෝලිමක සිටිනේ නම් දිනකට ජලය ලීටර 3 ක් 3.5 ක් ලබා ගැනීම සුදුසු බවත් පෝලිමේ සිටියදී ආහාර ගන්නවා නම් ජලය ප්‍රමාණවත් අතර ආහාර නොගන්නේ නම් ජීවනී හා දෙහි යුෂ භාවිතා කිරීම වඩාත් සුදුසු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මුත්‍රා කිරීමට අවශ්‍ය වේ යැයි බියෙන් ජලය පානයෙන් වැළකී නොසිටින ලෙස කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක වැඩිදුරටත් ජනතාවට දැනුම් ඇත.
Aruna