Monday, February 16, 2026
Follow Us
වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන දිනය මෙන්න

ගෑස් ගන්න පෝලිමට යන්න එපා


ලබන මස 6 වනදායින් පසුව ගෑස් සිලින්ඩර 120,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම පවසයි.

දිනකට කිලෝග්‍රෑම් 12.5, ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000 ක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

එමෙන්ම කුඩා ගෑස් සිලින්ඩර 40,000 ක් දිනකට වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

ලබන මස 6 වනදා තෙක් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි එම සමාගම ජනතාවට දැනුම් දෙයි.

ලබන මස 5 වනදා සහ 12 වනදා අතර මෙට්‍රික් ටොන් 7,000 ක් අඩංගු ගෑස් නෞකා 2 ක් මෙරටට පැමිණීමට නියමිතය.

ලබන මස 10 වනදායින් පසුව ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර, එහි සිට කුඩා නෞකා මගින් මෙරටට අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනීමටයි සැලසුම් කර ඇත.

Aruna