Monday, February 16, 2026
Follow Us
ලක්ෂ විස්සක මත්කුඩු සමඟ කාන්තාවක් දැලේ

බඩෝවිට අසංකගෙන් කාන්තාවකට මත්කුඩු පැකට් 2000ක්


රුපියල් ලක්ෂ විස්සක් පමණ වූ හෙරොයින් මත්කුඩු පැකට් 2000 ක් සමග 47 හැවිරිදි කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් අනුව බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකාරිය සම්බන්ධ බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.

පොලීසිය සඳහන් කර ඇත්තේ “අවදානම් “යනුවෙන් සටහන්ව තිබෙන සිංහ ධේනුවගේ ඡායාරූපයක් සහිත කුඩා ලේබල් මත්කුඩු පැකට් කිරිම සඳහා යොදාගෙන ඇති බවයි.

බඩෝවිට අසංක නමැත්තාගෙන් උපදෙස් මත කිසියම් පුද්ගලයකු මෙම කාන්තාවට මත්කුඩු පැකට් තොගය ලබා දී ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Aruna