Monday, February 16, 2026
Follow Us
පිරවුම්හලක පිහි ඇනුමකින් හතරක් රෝහලේ

බහින්බස්වීමක් දුරදිග යාමෙන් වැල්ලවාය දෙවනත් වෙයි


වැල්ලවායේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (24) රාත්‍රියේදී පිහි ඇනුමක් සිදු වී තිබේ.

මෙම පිහි ඇනුමෙන් සිව්දෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පෝලිමේ සිටි පුද්ගලයින් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදු වී තිබෙන අතර පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු මොණරාගල රෝහලට මාරුකර යවා ඇත.

පහරදීම සිදුකළ පුද්ගලයා පලා ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Aruna