Sunday, December 28, 2025
Follow Us
ගෑස් ටැංකියක් 10,000 ට ඉහළ නගී

ගෑස් ටැංකියෙනුත් ගසාකයි


දැනට රටේ උග්‍ර ගෑස් හිඟයක් පැවතියත් තිස්සමහාරාමයට – කතරගමට එනු ලබන ලාෆ් ගෑස් අධික මිලකට අලෙවි වෙමින් පවතී.

කතරගම – තිස්සමහාරාමය වැනි ප්‍රදේශ සමහර පුද්ගලයන් ගෑස් ටැංකියක් රුපියල් 10000 ක් වැනි මිලකට අලෙවි වෙන බවට වාර්තා වෙයි.

කතරගම – තිස්සමහාරාමය ප්‍රදේශ තුළ සිටින ගෑස් නියෝජිතයන් මෙම ගෑස් අලෙවිය නවතා දමා තිබේ.

තිස්සමහාරාම බෝගහපැළැස්ස අලෙවි නියෝජිත මංජුල පැවසුවේ තිස්සමහාරාම ගෑස් ඒජන්සියෙන් මේ වනවිට ගෑස් බෙදන්නේ නැහැ. ඔවුන් කියන්නේ ප්‍රවාහන ගාස්තු වැඩි නිසා එතනට පැමිණ රැගෙන යන්න කියලයි. එසේ ගෙනවිත් නියමිත මිලට අපට දෙන්න බෑ. ඒක නිසා සමහරු ගෑස් එතනින් ගෙනත් වැඩි මිලට විකුණනවා.

අපිට අමතර වියදමක් කරලා ප්‍රවාහනය කරලා ගැස් වලට මිලක් වැඩි කරන්න බැ පරිභෝගික ආයතන නිලධාරින් අපිව අල්ලයි. පවතින මිල ට වැඩි මිලකට විකුණුවා කියලා. මේ වනවිට ගැස් පිටස්තර පිරිස් මිල දි ගෙන අධික මිලක් අය කරලා විකිණිම සිදු කරනවා යැයි ඔහු සදහන් කරන ලදී.

Aruna