Sunday, December 28, 2025
Follow Us
ඕස්ට්‍රේලියා පනින්න හැදූ 35ක් අත්අඩංගුවට

නාවික හමුදාව පානදුර මුහුදේ සිදුකළ මෙහෙයුම


නීතිවිරෝධීව බහුදින ධීවර යාත්‍රාවක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 35 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවුසවේ ඊයේ (23) පානදුරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මොවුන් පිරිස පිරිස අත්අඩංගුවට ගත් බවයි.

මෙහිදී ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙකු ද ඇතුළුව පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු , කාත්තාවන් 04 දෙනෙකු හා ළමුන් 06 දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

වැඩිදුරටත් සිදු කළ පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ, නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ එන්ජිමෙහි කාර්මික දෝෂයක් පවතින බවත් යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට සුදුසු තත්ත්වයේ නොපවතින බවත්ය.

සැකකරුවන් පිරිස, කොළඹ වරාය පොලිසියට භාර දී ඇති අතර ඔවුන් ත්‍රීකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.

Aruna