ලංකා දුම්කොළ සමාගමෙන් දැනුම්දීමක්
2022 මාර්තු 31 න් අවසන් කාර්තුව තුළ දී පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසදීමේ දී සිය අලෙවි පරිමාව 5% කින් වැඩි වී ඇති බව ලංකා දුම්කොළ සමාගම ප්‍රකාශ කර තිබේ.
2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින් සමාගම මේ බව අනාවරණය කර සිටින අතර අදාළ කාර්තුව තුළ දී සමාගමේ පිරිවැටුම සහ රජයේ බදු ආදායම (දුම්කොළ සමාගමෙන් ලද) 6% බැගින් ඉහළ ගොස් ඇති බව ද එහි සඳහන් වේ.
නවතම මූල්‍ය වාර්තාවට අනුව ලංකා දුම්කොළ සමාගම 2022 මාර්තු 31 න් අවසන් කාර්තුව තුළ දී රු. බිලියන 37 ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර එයින් රු. බිලියන 27.84 ක් රජයේ බදු ලෙසත්, රු. බිලියන 2.58 ක් ආදායම් බදු ලෙසත් ගෙවා ඇත.
කාර්තුව තුළ දී සමාගම උපයා ඇති බදු පසු ලාභය රු. බිලියන 4.18 ක් වන අතර 2021 වසරේ දී ලංකා දුම්කොළ සමාගම රජයේ බදු ලෙස රු. බිලියන 100.75 ක් හා ආදායම් බදු ලෙස රු. බිලියන 10.50 ක් ගෙවා ඇත.
Aruna