Monday, February 16, 2026
Follow Us
ගෑස් පෝලිම්වල ඉන්න එපා

ලබන 6 වැනිදා තෙක් ගෑස් නෑ


එළඹෙන මස 6 වැනිදා තෙක් ලිට්රෝ ගෑස් මිලදී ගැනීම සඳහා පොල්ම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලිට්රෝ සමාගම ජනතාවට දැනුම් දී තිබේ.

ලබන මස 5 වැනිදාත් 12 වැනිදාත් අතර නෞකා 2ක් මගින් මෙට්‍රික් ටොන් 7,000ක ගෑස් තොග ලැබෙන තෙක් ජනතාවට බෙදා හැරීම සඳහා ගබඩාවල ගෑස් නොමැති බව එහි සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කර තිබේ.

ලබන මස 10 වන දායින් පසුව ගෑස් මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර එහි සිට කුඩා නෞකා මගින් මෙරටට අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඒ අනුව ලබන 5 වැනිදායින් පසුව දිවයින පුරා දෛනිකව කිලෝ 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිල්න්ඩර 80,000ක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි.

Aruna