වේගපන්දු යවන්නෙකුට අද එක්දින වරම්
ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ අද පැවැත්වීමට නියමිත පස්වන සහ අවසන් එක්දින තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින් කිහිපදෙනෙකු විවේක ගැන්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙයි.
වැඩිදුරටත් වාර්තා වන්නේ ඒ අනුව තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද තරගයෙන් බොහෝදුරට විවේක ගැන්වීමට නියමිත බවය.
එමෙන්ම පිතිරකරණ ලැයිස්තුවේ ද යම් වෙනසක් සිදුකිරිම සදහා අවධානය යොමුව ඇති අතර නවක වේගපන්දු යවන්නෙකුට අද දිනයේ එක්දින වරම් හිමිවීමට නියමිත බවද වාර්තා වුණි.
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර එක්දින තරඟාවලිය මේ විටත් 3-1 ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම ජයගෙන තිබේ.
Aruna