මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කරවීම සම්බන්ධ නඩුවේ විත්තිකරුවන් වන යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනා පෙර ඇප මතම මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (23) නියම කළේය.
එමෙන්ම මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන සුරේෂ් නමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ. ඒ, අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම හේතුවෙනි.
සංජීව මොරායස් (සභාපති), දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩුව කැඳවිණි.
LNW