Saturday, December 27, 2025
Follow Us
ඇතුල්කෝට්ටේ සහ අවට ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා පැය 10ක ජල කප්පාදුවක්

ඇතුල්කෝට්ටේ ඇතුලු ඒ අවට ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය සහ නුගේගොඩ යන ප්‍රදේශවලටද එදින රාත්‍රී 10යේ සිට ලබන ඉරිදා පෙරවරු 8 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඊට අමතරව පාගොඩ, හයිලෙවල් පාරේ විජේරාම හන්දියේ සිට හත්වන සැතපුම් කණුව දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලුම අතුරු මාර්ග මෙන්ම නුගේගොඩ හන්දියේ සිට නාවල පාරේ විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරුමාර්ගවලටද එම කාලය තුල ජල සැපයුම අත්හිටවනු ලබනවා.

ජුබිලි පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ප්‍රදේශවලට ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට පසු දින පෙරවරු 08 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේ.

NEth