Saturday, December 27, 2025
Follow Us
ප්‍රදේශ කිහිපයකට වැසි

අද කාලගුණය ගැන නිවේදනයක්


දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වී ඇත.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Aruna