බිත්තර මිල ඉහළ යාම හමුවේ බිත්තර ආහාරයට ගැනීමට නොහැකි නම් ඒ වෙනුවට කොස්ඇට 10 ක් ආහාරයට ගැනීමෙන් නිසි පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති දේවිකා කොඩිතුවක්කු නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් පැවසුවේ ගර්භණී මව්වරුන් මෙන්ම කුඩා දරුවන්ටද කොස් ඇට රුචි සේ පිළියල කර ගැනීමට හැකි බවයි.
ආහාර පිසීමේදී ඒ පිළිබද වැඩි අවදානයක් යොමු නොකිරීම හේතුවෙන් එහි ඇති පෝෂණ සංඝටක විනාශ වී යන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
Neth