Monday, February 16, 2026
Follow Us
ඉංජිනේරුවන්ම විදුලිය කපා රටට මිලියන 300 ක් අහිමි කළ හැටි හෙලි වෙයි

ජුනි 09 වනදා කඩාකප්පල්කාරී විදුලිය විසන්ධි කිරීමෙන් රටට රුපියල් මිලියන 300ක පමණ පාඩුවක් සිදුවූ බව බලශක්ති පර්යේෂක ආචාර්ය විදුර රළපනාව පවසනවා. නෙත් එෆ් එම් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ විදුලිබල පනත සම්මත කිරීමට ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව විදුලි ඉංජිනේරුවන් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකළ බවයි.

තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙන ලෙස විදුලිබල පනත සංශෝධනය කිරීමේ සූදානමට විරෝධය පළ කරමින් ඉකුත් 8 වනදා සිට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

කෙසේවෙතත් ඉකුත් 9 වනදා සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී විදුලි බල පනත සම්මත වුණා. විදුලි වර්ජනයට හේතුවූ විදුලිබල පනතේ 43 වන වගන්තිය ඉවත් කිරීමට ගෙනආ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ වැඩි ඡන්ද 84 කින්.

Neth