Saturday, December 27, 2025
Follow Us
ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් කඩිනමින් ගන්න සාකච්ඡා

ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්‍ෂය කඩිනමින් දිවයිනට ගෙන්වීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ එම ගෑස් තොගය කොටස් වශයෙන් නෞකා කිහිපයක් යටතේ මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි. ඊට අදාළ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවද ඔහු සදහන් කළා.

මේ අතර ඉකුත් සෙනසුරාදා නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස්, ගෑස් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට ඇති සැලසුම පිළිබඳ මෙලෙස විස්තර කළා.

මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලදී ගැනීමේ අපේක්‍ෂාවෙන් තවදුරටත් ඇතැම් පිරිස් පෝලිම්වල රැදී සිටිනවා. ඒ, ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළදපොලට නිකුත් කරන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති පසුබිමක් තුළයි.

Neth