Saturday, December 27, 2025
Follow Us
මත්පැන් ඉල්ලූම 30% කින් පහළට

නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවණතාවක්


රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලූම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ළගාවීමේදී ගැටලූ කිහිපයක් ඇති වී තිබෙන බවත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලූ මීට හේතු වී ඇති බවත් නිලධාරීන් සඳහන් කරයි.

මත්පැන් ඉල්ලූම අඩුවීම හමුවේ නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බව අනාවරණය වී ඇත.

බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමේදී කටයුතු කරන ආකාරය සහ බදු පරිපාලනය වැඩි දියුණු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ නිලධාරීන් සමග විපක්ෂ නායකවරයා සාකච්ඡා කල බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Aruna