Monday, February 16, 2026
Follow Us
ආනයනික සහල්වල පාලන මිල ලබන මස සිට එන ලකුණු

ආනයනික සහල් සදහා ද ජූලි මස මුලදී පාලන මිලක් පනවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. දේශීය සහල් සඳහා පාලන මිලක් පනවා තිබුනද, ආනයනික සහල් සදහා මෙතෙක් පාලන මිලක් පනවා නැහැ.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ ප්‍රශ්න කිරීමකදී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ආනයනික සහල් මෙරටට ලැබීමට නියමිත බැවින් ඒ සදහා ද පාලන මිලක් පනවන බවයි.

වෙළඳපොලේ දේශීය සහල් මිල මේ වන විට සාමාන්‍ය මට්ටමකට පැමිණෙමින් ඇති බවයි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

Neth