කෝප් කමිටුවට එන නිළධාරින්ට මින් ඉදිරියට දිවුරුමක්
ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු එම කමිටුව හමුවට (23) කැඳවීමට තීරණය කර ඇත.
ඒ, කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශයක් පසුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.
විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා මෙසේ ඉල්ලා අස් කරගෙන ඇත්තේ විදුලිබල මණ්ඩලය අදානි සමාගමට ලබා දෙන්නයි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඇවිටිලි කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමාට දැනුම් දුන්නේ යැයි ඔහු කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශයයි.
මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැදවෙන නිලධාරීන්ගෙන් තමන් කරන ප්‍රකාශ සත්‍ය බවට ඒ කමිටු රැස්වීම් ආරම්භයේදී දිවුරුමක් ලබා ගැනීමට එම කමිටුව (21) තීරණය කළේය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් (21) රැස්වූ අතර මෙම තීරණය ගෙන ඇත්තේ ඒ රැස්වීමේදීය.
Aruna