වැලි කර්මාන්තකරුවෝ අමාරුවේ
වැලි මිල දරාගත නොහැකි ලෙස ඉහළ යාමෙන් රටපුරා ඉදි කිරීම් සංවර්ධන ව්‍යාපෘති ඇණ හිට තිබේ. තදාසන්න නගරවල කියුබ් ඒකක් රුපියල් පනස් පන්දහස ඉක්මවා අලෙවි කෙරෙන බව ඉදිකිරීම් ව්‍යාපෘති භාර සමාගම් නිලධාරීහු පැවැසූහ.
රටපුරා ඉදි කිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය වැලි තොගවලින් සියයට 75ක් පොළොන්නරුව- මනම්පිටිය සහ මහියංගණය- මහඔය ප්‍රදේශවලින් බෙදා හැරෙන බව කී මහියංගණ වැලි ට්‍රක් රථ හිමියෝ ඉන්ධන ටයර් සහ සෙසු ගාස්තු දරාගත නොහැකි ලෙස ඉහළ දැමීමෙන් වැලි කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බව පැවසූහ.
කොළඹ ඇතුළු තදාසන්න නගරවලට වැලි කියුබ් 04ක් රුපියල් එක් ලක්ෂ පන්දහසකට සැපයෙන බවත් කඩුවෙල- බැලුම්මහර- කඩවත ප්‍රදේශවලට රුපියල් 95000 ට සැපයෙන බවත් වැලි ට්‍රක් රථ හිමියෝ පැවසූහ.
ඒ අනුව නුගේගොඩ ගල්කිස්ස මහරගම කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල අතරමැදියන් සහ තොග බෙදා හරින්නන් වැලි කියුබ් එකක් රුපියල් 55000/=ක් ඉක්මවා අලෙවි කෙරෙන අතර කොළඹ ආශ්‍රිත සෙසු ප්‍රදේශවලට වැලි කියුබ් ඒකක් රුපියල් 50000/=ට අලවි කෙරෙන බව ඉදි කිරීම් කර්මාන්තකරුවෝ පවසති.
Aruna