Monday, February 16, 2026
Follow Us
භූමිතෙල් මිල ඉහළ යන ලකුණු

අඩු ආදායම්ලාභීන්ට සහන මිලට භූමිතෙල්


මේ මාසය අවසන් වීමට පෙර භූමිතෙල් ලීටරයක මිල ඉහළ දැමීමට සිදුවන බව ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ වන විට භූමිතෙල් ලීටරයක් රුපියල් 87.00 ක මිලකට අලෙවි වේ.

ඒ අනුව සෑම භූමිතෙල් ලීටරයකින් ම ඛනිජ තෙල් සංස්ථාව දළ වශයෙන් රුපියල් 283.00 පාඩුවක් ලබන බවත් මේ වන විට රට තුළ උද්ගත වී ඇති තත්ත්වය අනුව තවදුරටත් ඛනිජ තෙල් සංස්ථාවට එම අලාභය දරාගත නොහැකි බවත් ඛනිජ තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අඩු ආදායම්ලාභීන් සඳහා තෝරාගත් ඉන්ධනහල් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්ධනහල් හරහා සහනදායි මිලට භූමිතෙල් ලබාදීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන්ම වතු ප්‍රජාවට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ධීවර ප්‍රජාව සඳහා අදාළ ධීවර වරායන් හරහා සහනදායි මිලට භූමිතෙල් අලෙවි කිරීමට සැලසුම් කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ බොහෝ විට භූමිතෙල් ලීටරයක මිල ආසන්න වශයෙන් රුපියල් 370.00 ක් දක්වා ඉහළ දමනු ඇති බවයි.

Aruna