Monday, February 16, 2026
Follow Us
යූරියා නැව ජුලි 06 වැනිදා ලංකාවට

යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග රැගත් නෞකාව ජුලි මස 06 වැනිදා මෙරටට ලඟා වන බව කෘෂිකර් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙම පොහොර තොගය ශ්‍රී ලංකාවට ලැබෙන අතර එය මෙට්‍රික් ටොන් 65,000 කින් සමන්විත වේ.

ඕමානයේ සිට ඉන්දියාවට පොහොර රැගෙන එන නෞකාවෙන් මෙරටට පොහොර ගොඩබෑමට නියමිතය. පොහොර තොගය ගොඩබෑමෙන් අනතුරුව ඇසුරුම් කර කඩිනමින් ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම ඇමතිවරයා පවසන්නේ.

LNW