Saturday, December 27, 2025
Follow Us
ඉන්ධන පෝලිමේදී තවත් මරණයක්

රෝහලට ගෙන ගිය ලෙඩාට ප්‍රතිකාර කරලා නෑ


ඉන්ධන පෝලිමේ දින එකහමාරක් පමණ පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු පපුව රිදෙන බව පවසමින් නිවසට පැමිණ රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම වෑවිට ගොරොක්ගස් හංදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ගයාන් ශසික පෙරේරා නැමැති 42 හැවිරිදි එක්දරු පියෙකි.

ඔහු පසුගිය 18 වන දින බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් වෙත ත්‍රීරෝද රථයකින් ගොස් ඇති අතර නිදිවර්ජිතව පෝලිමේ රැදී සිට පෙරේදා (19) පස්වරුවේ ඉන්ධන රැගෙන නිවසට පැමිණ පපුව රිදෙන බව පවසා ඇත.

ඉන්පසු ඔහු බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී කිසිදු ප්‍රතිකාරයක් නොකර හොරණ මූලික රෝහලට රැගෙන ලෙස පැවසීමෙන් අනතුරුව ඔහුව එම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

බණ්ඩාරගම දිසා රෝහලෙන් ඔක්සිජන් ලබා දුන්නේ නම් රෝගියාගේ ජීවිතය බේරාගැනීමට හැකියාව තිබූ බව මියගිය පුද්ගලයා පරීක්ෂා කල හොරණ රෝහලේ වෛද්‍යවරියක් ප්‍රකාශ කර තිබේ.

දේහය කළුතර බණ්ඩාරගම පාරේ වෑවිට නිවසේ තැන්පත් කර ඇති අතර අද (21) අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

Aruna