Saturday, December 27, 2025
Follow Us
කල් පැනපු සැමන් විකුණන්න දින වෙනස් කරලා

දැල්ලෝ අපනයනය කරන කර්මාන්තශාලාවේ සැමන් ජාවාරමක්


කල් ඉකුත් වීමට ආසන්න ටින් මාළු තොගයක නිෂ්පාදන දිනය සහ මිල ගණන් වෙනස් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය කර්මාන්තශාලාවක තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් ටින් මාළු තොගයක් ඊයේ (20) සවස අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරී නිලධාරී කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

මෙලෙස වටලා ඇත්තේ පන්නල මූකලාන ප්‍රදේශයේ පිහිටි දැල්ලෝ අපනයනය කරන කර්මාන්තශාලාවකි.

මෙම කර්මාන්තශාලාවේ ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර නවීන යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් මෙම මිල ගනන් වෙනස් කරමින් කල් ඉකුත් වීමට ආසන්න සැමන් තොගවල මිල සහ නිෂ්පාදන වර්ෂ ද වෙනස් කර ඇත.

අත්අඩංගුවට ගත් 17000කට ආසන්න සැමන් ටිං තොගය ඇතුළු නඩු භාණ්ඩ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Aruna