Wednesday, October 23, 2024
Follow Us
ජීවිතාන්තය දක්වා වැටුප් අයිතිය දිනා ගැනීම සඳහා කොටසක් මහපාරේ - කොටසක් සාකච්ඡා මේසයේ

ජීවිතාන්තය දක්වා වැටුප් අයිතිය දිනා ගැනීම සඳහා ආබාධිත රණවිරුවන් තවදුරටත් කොළඹදී සත්‍යග‍්‍රහයක යෙදී සිටිනවා.

සිය බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා මෙම අරගලය සිදු කරන බවයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පවසන්නේ. එහි සභාපති යූ. ඞී. වසන්ත මේ බව සඳහන් කළා.

ජීවිතාන්තය දක්වා වැටුප් අයිතිය දිනා ගැනීම සඳහා වන මෙම අරගලයට එක්ව සිටින ඇතැම් රණවිරු සංවිධාන කොළඹදී කෙරෙන සත්‍යග‍්‍රහයට එක්ව නැහැ. ඔවුන් පවසන්නේ සාකච්ඡා මගින් ඉල්ලීම් විනයානුකූලව දිනා ගැනීමට උත්සහ කරන බවයි.

සමස්ත ලංකා දිවිපිදූ ආබාධිත රණවිරු එකමුතුව ද එලෙස සාකච්ඡා මගින් ඉල්ලීම් දිනාගත යුතුයැයි යන ස්ථාවරයේ සිට කටයුතු කරනවා. මෙතෙක් කළ සාකච්ඡාවල ප‍්‍රගතිය අනුව ලබන අඟහරුවාදා රැස්වන කැබිනට් මණ්ඩලයේදී සිය ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි එහි සභාපති අනුර වැලිගමගේ පැවසුවේ.

ජීවිතාන්තය දක්වා වැටුප් අයිතිය දිනාගැනීමේ අරමුණින් ආබාධිත රණවිරුවන් පිරිසක් මේවනවිට කොළඹදී සත්‍යග‍්‍රහයක යෙදී සිටින්නේ දින 05ක සිටයි.

(Neth)