සතියක් තුළ ඩෙංගු රෝගීන් 2400 පනී
ඩෙංගු අධි වසංගත තත්ත්වයකට එළැඹෙමින් ඇති බැවින් ඉදිරි සති කිහිපයේදී රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.
මේ මස පළමු දින 8 තුළ ඩෙංගු රෝගීන් 2,416 කු වාර්තා වී ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ අගයක් ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.
රෝගය පැතිරීමේ අධිඅවදානම් දිස්ත්‍රික්ක 08 ක් හඳුනාගෙන ඇති අතර කොළඹ, ගම්පහ ,කළුතර ,මහනුවර, ගාල්ල ,යාපනය ,කෑගල්ල හා රත්නපුර එම අධිඅවදානම් දිස්ත්‍රික්ක වේ.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 82 ක් ඩෙංගු ව්‍යාප්ත වීමේ අධිඅවදානම් කලාප ලෙස නම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ලබන 15 වැනිදා සිට 21 වැනිදා දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 26,622 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Aruna