Sunday, February 15, 2026
Follow Us
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් කළ ඉල්ලීම

මුව ආවරණ පැළදිම යෝග්‍යයි


මුව ආවරණ භාවිතය අනිවාර්ය නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය සමග සියයට සියයක් එකග නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාධිතයන් නැතැයි තහවුරු වන තුරු මුව ආවරණ භාවිත කළ යුතු බවයි.

එමෙන්ම එළඹෙන පොසොන් සමයේදී දන්සැල් හා පොසොන් කළාප ආදියට සම්බන්ධ වන පිරිස් මුව ආවරණ පැළදිම යෝග්‍ය බවද උපුල් රෝහණ මහතා අවධාරණය කරයි.

Aruna