වරායෙන් කෝටි දෙකක ඇපල් ලැබෙයි
හිමිකරුවන් ඉවත් කර නොගත් කොළඹ වරායේ තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න ඇපල් තොගයක් දෙහිවල සත්වෝද්‍යානයට භාරදීම වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදු කෙරුණි.
පසුගිය පෙබරවාරි මාසයේ චීනයෙන් කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයට එවා තිබූ මෙම ඇපල් කන්ටේනරය ආනයනකරුවන් ඉවත් කරගෙන තිබුණේ නැති බවට වාර්තා වී ඇත.
ඒ අනුව අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එහි තිබූ ඇපල් කිලෝ 24,000 ක් එනම් ඇපල් ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස දෙහිවල සත්වෝද්‍යානයට ලබාදීම සිදු වී තිබේ.
Aruna