Saturday, December 27, 2025
Follow Us
ලිට්‍රෝ ගෑස්වලට මිල සූත්‍රයක් එන ලකුණු

ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදිය යුතු බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල සහ ඩොලරයේ මිල උච්ඡාවචනය වීම සලකා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

ගෑස් මිල ඉහළ යාම හමුවේ එහි පාඩුව රටේ සියලු ජනතාවට ගෙවීමට සිදුවනවා. එහෙත් මිල සූත්‍රයක් හදුන්වාදීමෙන් ගෑස් මිලෙහි වෙනස්වීම් දරා ගැනීමට සිදුවන්නේ එම පාරිභෝගිකයින්ට පමණක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර අමෙරිකානු ඩොලර් මිලියන 2 යි දශම 5ක හිඟ මුදල නොගෙවීම හේතුවෙන් ඉකුත් 08 වනදා මෙරටට ළගාවූ නෞකාවේ ගෑස් ගොඩබෑමට ඊයේ දිනයේත් හැකි වූයේ නැහැ. මේ හේතුවෙන් අද දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොලට නිකුත් නොකරන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. ඒ අනුව අද දිනයේද පෝලිම්වල රැඳී නොසිටින ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

කෙසේවෙතත් ගෑස් මෙන්ම ඉන්ධන ලබා ගැනී්මේ අරමුණින් ජනතාව තවදුරටත් පෝලිම්වල රැදී සිටිනවා.

Neth