Sunday, February 15, 2026
Follow Us
ජනතාව වී තොග රැස් කිරීම නිසා වී මිලත් ඉහලට

ආහාර හිගයකට මුහුණ දීමට සිදුවෙතැයි පවතින අවධානම හේතුවෙන් සාමාන්‍ය ජනතාව වී තොග රැස් කිරීමට පෙළඹීම නිසා වෙලදපොලේ වී මිල සීඝ්‍ර ලෙස ඉහල ගොස් තිබෙනවා.

සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත අත්තනායක පැවසුවේ රුපියල් 120 ක පමණ මට්ටමක පැවති වී කිලෝවක මිල මේ වන විට රුපියල් 160 ඉක්මවා ඇති බවයි.

ලබන ජනවාරි මාසය දක්වා කාලයට සහල් හිග වන්නේ මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 08 ක පමණ ප්‍රමාණයක් බවයි සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත අත්තනායක වැඩිදුරටත් සදහන් කළේ.

Neth