Saturday, December 27, 2025
Follow Us
ස්මාර්ට් ෆෝන් මිල ඉහළට

දුරකථනයක අවම මිල අසූදහසේ සීමාවට


රජය විසින් පනවා ඇති ආනයන සීමා කිරීම් හේතුවෙන් සහ පසුගිය දිනවල සිදුකරන ලද බදු ඉහළ දැමීම හේතුවෙන් නුදුරේදීම ස්මාර්ට් ජංගම දුරකථනයක අවම මිල රුපියල් අසූදහස, අනූදහස සීමාව දක්වා පැමිණෙනු ඇතැයි ජංගම දුරකථන අලෙවිකරුවෝ පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය සමයේ රුපියල් විසිදාහට පමණ පැවති ස්මාර්ට් ජංගම දුරකථනයක මිල මේ වනවිට රුපියල් පනස්දාහේ සීමාව ඉක්මවා ඇති බවයි. එමෙන්ම මීට සාපේක්ෂව ජංගම දුරකථන උපාංගවල මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් පාරිභෝගිකයන් ජංගම දුරකථන මිලදී ගැනීමෙන් ඉවත්වෙමින් ඇති බවයි.

මෙම තත්ත්වය මත මෙ වනවිටත් ජංගම දුරකථන අලෙවිසල් බොහෝ ප්‍රමාණයක් වැසී ගොස් ඇති අතර ඇතැම් දිනවලදී කිසිදු ගැනුම්කරුවකු නොපැමිණෙන තත්ත්වයට තම ව්‍යාපාරය පත්ව ඇති බවද ව්‍යාපාරිකයෝ පවසති.

Aruna