Wednesday, October 23, 2024
Follow Us
කුසට ආහාර නැතිව දරුවන් මියයද්දී කොළඹ කෑම ටොන් සියයක් දිනපතා කුණු බක්කියට

කුසට අවශ්‍ය ආහාර නොමැතිව දරුවන් මියයද්දී කොළඹ නගර සීමාව තුළ පමණක් දිනකට ආහාර මෙට්‍රික් ටොන් සියයක් පමණ ඉවතලන බව වාර්තා වේ. නිවෙස්, ආපනශාලා, හෝටල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලත් දෛනිකව මෙලෙස ආහාර ඉවත් කෙරෙයි.

බත් සහ බේකරි නිෂ්පාදන, මෙසේ ඉවත්කරන ආහාරවලින් ප්‍රධාන තැනක් ගනී.

මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ යෝග රාණි සිල්වෙස්ටර්ගෙන් කරන ලද විමසීමේදී ඇය පැවසුවේ දිනකට කොළඹ නගරයෙන් ඉවතලන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 400ක් බවයි.

ඒ අතරින් කෑම කොටස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් සියය ඉක්මවන බවද ඇය කියයි. එසේ ඉවත්කරන ද්‍රව්‍ය දිරායන බැවින් කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොමු කෙරේ.

(Aruna)