Saturday, December 27, 2025
Follow Us
ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

අළුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බ්‍රහස්පතින්දා (09) දින පෙරවරු 8 සිට එදිනම රාත්‍රී 9 දක්වා පැය 13ක ජල කප්පාදුවක් සිදුකරනු ලැබේ.

ජල සැපයුම අත්හිටුවෙන ප්‍රදේශ පහතින් දැක්වේ.

*වාද්දුව
*වස්කඩුව
*පොතුපිටිය
*කළුතර (උතුර – දකුණ)
*කටුකුරුන්ද
*නාගොඩ
*බෝම්බුවල
*පිලමිනාවත්ත
*පයාගල
*මග්ගොන
*බේරුවල
*මොරගල්ල
*අලුත්ගම
*දර්ගා නගරය
*බෙන්තොට
*කළුවාමෝදර

මේ හේතුවෙන් ජලය පරිභෝජනය කිරීමේ දී අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල හා ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

Aruna