Saturday, December 27, 2025
Follow Us
සිංහ - කැන්ගරු විස්සයි විස්ස පළමු ගැටුම අද රාත්‍රියේ

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදියි. රාත්‍රී 07ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර මේ දක්වා විස්සයි විස්ස තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තරග 12ක් ජයගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 09ක් ජයගෙන තිබෙනවා. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම පස්වන ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටින්නේ 09වන ස්ථානයේයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම තරගාවලිය සඳහා සිය කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බවයි.

Neth