Saturday, December 27, 2025
Follow Us
දේශබන්දුට පහරදුන් පරිගණක ශිල්පියා අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදිය සිදුවීමේ අත්අඩංගුවට ගත් පිරිස ඉහළට


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 21 ක් හැවිරිදි පරිගණක තාක්ෂණ ශිල්පියෙකි

මැයි මස 10 වැනිදා කොම්පඤ්ඤවීදිය පෙරහර මාවතේ සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදී දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ලවිය.

ඒ සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අතර පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Aruna