Saturday, December 27, 2025
Follow Us
මෙරට රැකියා රැසක් අහිමිවීමේ අවදානමක්

උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළට


උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළයාමේ ප්‍රතිවිපාක ලෙස ඉදිරි කාලයේ මෙරට ක්ෂේත්‍ර රැසක රැකියා අහිමිවීමේ අවදානමක් මේ වන විට මතුව පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවයි.

මෙම තත්ත්වය උද්ගත විය හැකි වන්නේ ව්‍යාපාර ආයතනවලට සිය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුවෙනි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය පසුගිය මැයි මාසයේදී 39.1% දක්වා ඉහළ ගිය අතර ආහාර උද්ධමනය 57.4 % දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.

මෙලෙස ජීවන වියදම ඉහළ යාම මෙන්ම අපනයන හා ආනයන සීමාවීම නිසා මෙරට ක්ෂේත්‍ර රැසක රැකියාවලට මේ වන විට බරපතළ ලෙස අහිතකර බලපෑම් එල්ල වී තිබේ.

Aruna