Wednesday, October 23, 2024
Follow Us
සහරාන්ගේ පැටව් 18 ක්‌ දවස්‌ 20කදී කොටුවෙති

පාස්‌කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වෙමින් කටයුතු කළ සහරාන්ගේ ගෝලයින් 18 දෙනෙකු පමණ පසුගිය දින 20 ක කාලයේදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරන ලද පුළුල් විමර්ශනයක්‌ ඔස්‌සේ ලබාගත් තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

ඉහත ප්‍රහාරය එල්ල කළ බවට කියන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ විශාල පිරිසක්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර රට පුරා රහසිගතව සැ`ගව සිටින ජමාත් මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයන්ද මේ වන විට අත්අඩංගුවට ගනිමින් තිබේ.

මෙම පිරිස පොළොන්නරුව, මහනුවර, මාවනැල්ල, ගම්පොළ, අනුරාධපුර ආදී ප්‍රදේශ රැසක සැ`ගව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මේ පිරිස අතර ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක්‌ද සිටින බව පොලිසිය කියයි.

මෙම අත්අඩංගුවට පත් පිරිසගෙන් ප්‍රශ්න කිරීමේදී වැදගත් කරුණු රැසක්‌ අනාවරණය කරගන්නට ආරක්‍ෂක අංශවලට හැකි වූ බවත් ඒ අනුව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදු කරමින් සිටින බවත් පොලිසිය සඳහන් කර සිටියේය.

පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

(Lanka Leads)