ඉන්ධන අර්බුදය හමුවේ පොලිස්පති තීරණයක් ගනී
සියලුම පොලිස් ස්ථානවල සහ උසස් පොලිස් නිලධාරීන්ගේ වාහන සඳහා භාවිතා කරන ඉන්ධන ප්‍රමාණය 20%කින් අඩු කරන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.
මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරන පරිදි මේ මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය නිකුත් කර ඇත.
විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් මීට පෙර ද පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය 15%කින් අඩු කිරීමටත්, අනවශ්‍ය විදුලි පහන්, විදුලි පංකා සහ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමටත් උපදෙස් ලබා දී තිබුණි.
මේ මස පළමු වනදින සිට තව දුරටත් එම ප්‍රමාණය 20% දක්වා වැඩි කරන ලෙස පොලිස්පතිවරයා නැවත මෙසේ දන්වා තිබේ.
ඉන්ධන මිල වැඩි විමට සාපේක්ෂව ශ්‍රි ලංකා පොලිසිය වෙත ලබාදි ඇති මුල්‍ය ප්‍රතිපාදන සීමාවන් ඉහල නංවා නොමැති බැවින් පොලිසියට අනුයුක්ත සියලුම වාහන සඳහා මේ වනවිට ලබාදි ඇති ඉන්ධන ප්‍රතිපාදන සිමා කිරිමට සිදුව ඇති බවද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයෙහි සඳහන් වේ.
Aruna