Saturday, December 27, 2025
Follow Us
කිරිපිටි මිල යළි ඉහළට ?

බදු වැඩි කිරීම කිරිපිටි වලටත් බලපායි


ඉදිරි දිනවල දී කිරි පිටි මිල නැවත ඉහළ දැමීමට සිදු වන බව දේශීය සහ විදේශීය කිරිපිටි සමාගම් සඳහන් කරයි.

රජය විසින් පසුගිය 31 වනදා සිට බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමත් සමඟ මෙලෙස කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවන බව ඔවුන් සඳහන් කරයි.

කිරිපිටි මිල කොපමණ මුදලකින් වැඩිවේද යන්න මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.

දැනට වෙළඳපලේ ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් රුපියල් 1020ක මිලකට හා කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 2,545 ක මිලකට අලෙවි කරනු ලබයි

Aruna