Sunday, February 15, 2026
Follow Us
අද දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වෙයි

අද (06) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් ධාවනය පූර්ණ වශයෙන්ම අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මන්නාරම, වව්නියාව, ගම්පහ දිස්ත්‍රික්කය, දකුණු පළාත, කෑගල්ල, මාවනැල්ල, පොලොන්නරුව, බදුල්ල සහ පුත්තලම යන ප්‍රදේශවල පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වනු ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

මීට හේතුව වන්නේ එම ප්‍රදේශවල ලංගම ඩිපෝවලින් පොරොන්දු වූ පරිදි පෞද්ගලික බස් සඳහා ඩීසල් නිකුත් නොකිරීම බව සඳහන් කළ ඒ මහතා මෙහි සම්පූර්ණ වගකීම අදාළ බලධාරීන් සහ බලශක්ති අමාත්‍යවරයා විසින් භාරගත යුතු බවත් අවධාරණය කළේය.

LNW