Saturday, December 27, 2025
Follow Us
ඩෙංගු යළි හිස ඔසවයි : දරුවන් ගැන අවධානයෙන් සිටින්නැයි වෛද්‍යවරුන් ඉල්ලයි

පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා. නිවාඩුවෙන් අනතුරුව පාසැල් ද යළි විවෘත වන බැවින් දරුවන් පිළිබඳ මේ දිනවල වඩාත් අවධානය යොමු කළ යුතු බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ පැවසුවේ.

ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා සුදුසු මදුරු විකර්ෂකයක් දරුවන්ගේ අත් සහ පාදවල ගැල්වීම වඩාත් සුදුසු බව ද ඔහු සඳහන් කළා.

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බස්නාහිර පළාත ආවරණය වන පරිදි ලබන 15 වනදා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි වෛද්‍ය ඉන්දික වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

 

Neth