Saturday, December 27, 2025
Follow Us
නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් තවත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

තංගල්ල, මොරකැටිආර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි සිදුවූ වෙඩි තැබීමෙන් මිය පුද්ගලයාද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් බව අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා.

තංගල්ල - කතරගම මාර්ගයේ කැබ් රථයක ගමන් කරමින් සිටි පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ.

මෙම වෙඩි තැබීමෙන් මිය පුද්ගලයා සහ ඉකුත්දා අහංගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා මිතුරන් බවටද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

Neth