Saturday, December 27, 2025
Follow Us
ලාෆ් ගෑස් මිල ඉහළට

මාස ගණනකට පසු ගෑස් බෙදාහැරීම අද ඇරඹේ


ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලද ඉහළ දැමීමට අදාළ සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,850 දක්වාත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,740 දක්වාත් ඉහළ දමා ඇති බවයි ලාෆ් අලෙවිකරුවන් සඳහන් කළේය.

නමුත් ලාෆ්ස් ගෑස් මිල ඉහළ යන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ලාෆ්ස් සමාගම ඊයේ සඳහන් කළේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

ලාෆ් ගෑස් සමාගම අද(05) සිට සිය අලෙවි මධ්‍යස්ථාන වෙත ගෑස් බෙදාහැරීම ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

එම සමාගම සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ගෑස් ලැබෙන තෙක් අලෙවි මධ්‍යස්ථාන අළ පෝලිම්වල රැදී නොසිටින ලෙසයි.

Aruna