Sunday, February 15, 2026
Follow Us
සහල් මෝල් හිමියන්ගෙන් රතු එළියක්

පොහොර අර්බුදයෙන් ගොවිතැන අවදානමේ


රට තුළ පැවති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් විශාල ප්‍රමාණයක් මේ වනවිට වැසී ගොස් ඇති බවට මෝල්හිමිකරුවෝ චෝදනා කරති.

ඔවුන් පවසන්නේ රට තුළ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් 3,000ක් පමණ පැවති අතර මේ වන විට එම ප්‍රමාණය 700 ක් පමණ දක්වා අඩු වී ඇති බවය.

ඉකුත් කන්නයේ රජය විසින් ගන්නා ලද රසායනික පොහොර තහනම් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණය මෙරට ගොවිබිම් වෙත දැඩි බලපෑමක් එල්ල කළේය.

ඒ හේතුවෙන් පොහොර අර්බුදයක් නිර්මාණය වූ අතර ගොවින් රැසක් ගොවිතැන්වලින් ඉවත්වීම හා අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබුණි.

කෙසේ වෙතත් මෙකී අර්බුදය සුළු හා මධ්‍ය පරිමාණ වී මොල් හිමියන්ටද දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

ඔවුන් පවසන්නේ උද්ගත වූ පොහොර අර්බුදයත් සමග රට තුළ ක්‍රියාත්මක වූ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් විශාල ප්‍රමාණයක් වැසි ගොස් ඇති බවය.

Aruna