ලංගමෙන් ප්‍රයිවට් බස්වලට ඩීසල් ලබාදීලා නෑ
හෙට (06) දිනයේ පූර්ණ වශයෙන් බස් රථ ධාවනය සිදුනොවන ප්‍රදේශ කිහිපයක් පිළිබඳව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය දැනුම්දීමක් සිදුකර තිබේ.
දකුණු පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, මන්නනාරම, වව්නියාව, කෑගල්ල, මාවනැල්ල, පොළොන්නරුව, බදුල්ල සහ පුත්තලම යන ප්‍රදේශයන්වල ද පූර්ණ වශයෙන් බස් ධාවනය සිදුනොවන බව එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.
“බස් රථ සංඛ්‍යාත්මකව බැලූ විට 10%ත් 15% අතර ප්‍රමාණයක් තමයි හෙට දිනයේ ධාවනය වෙන්නේ. පැහැදිලිව කියන්න ඕනේ. මේ නම්කළ ප්‍රදේශ ලංගම ඩිපොවලින් ඩීසල් ලබානොදුන් ප්‍රදේශ. මේ ප්‍රදේශවලින් ලංගම හරහා ඩීසල් ලබාගන්න කටයුතු සිද්ධ වුණේ නැහැ. මේ සම්පූර්ණ වගකීම ඒ අදාළ බලධාරීන් ඒ වගේම විදුලි බල අමාත්‍යවරයා වගකීම භාර ගතයුතුයි කියලා මම පැහැදිලිවම කියන්නේ. මොකද පොදු ප්‍රවාහන සේවයට ඒ අවශ්‍ය දේ කරන්න කටයුතු කළේ නැහැ. අපි දකිනවා අමාත්‍යවරුනුත් යම් ආකාරයට නිහඬතාවයට පත්වෙලා තියෙනවා මේ ඉන්ධන සීමාකිරීම තුළ.”
Aruna