Sunday, February 15, 2026
Follow Us
නිවෙස් 12කට පැන්න 43 හැවිරිදි පුද්ගලයා දැලේ

මතට ඇබ්බැහි වී සිදුකළ ලක්ෂ 13ක රන් බඩු කොල්ලය


නිවාස 12ක් බිඳ ඒවායේ තිබූ වටිනා රන් භාණ්ඩ,මුදල් හා දේපොළ කොල්ල කෑ 43 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (03) පස්වරුවේ හබරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු හොරණ වැලිකැටැල්ල ප්‍රදේශයේ පදිංචි තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු වන අතර ඔහු විසින් දීර්ඝ කාලයක සිට නිවාස බිඳ මංකොල්ලකෑම් සිදු කර තිබේ.

පොලිසිය පවසන ආකාරයට හොරණ පොලිස් බල ප්‍රදේශයේ පමණක් නිවාස 10ක් සහ අගුරුවාතොට හා මිල්ලනිය ප්‍රදේශවල නිවාස කොල්ල කා රුපියල් ලක්ෂ 13කට අධික රන් භාණ්ඩ මෙම සැකකරු විසින් කොල්ල කා ඇත.

මේ වනවිට පොලිසිය විසින් සැකකරු කොල්ල කෑ පරිගණක, රූපවාහිනි යන්ත්‍ර ආදි දේපොළ ද සොයාගෙන ඇති අතර ජුනි 24 වැනිදා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Aruna