පවතින අර්බුදයත් සමග බිත්තර, කුකුළු මස් සහ දියර කිරි මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව ඒවා මිලදී ගැනීම ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ අමුද්‍රව්‍ය මිල සීග්‍රයෙන් ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
බිත්තර, කුකුළු මස් සහ දියර කිරි පරිභෝජනය ජනතාව තුළින් ක්‍රමයෙන් අඩුවීමත් සමග පෝෂණය සම්බන්ධයෙන් තවත් ගැටළුවක් මතුවන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන්ට ද අවශ්‍ය නිසි පෝෂණයෙන් යුත් ආහාර වේලක් ලබාදීම මේවනවිට ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ දරුවන්ගේ පෝෂණය හැකිතාක් උපරිමයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරමින් ඇති බවයි.
Neth