Sunday, February 15, 2026
Follow Us
ලාෆ් ගෑස් නැවක් අද පැමිණේ

පෝලිම්වල රැඳී නොසිටින – ලිට්‍රෝ සමාගම


ලාෆ් සමාගම සඳහා ගෑස් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟා වීමට නියමිතයි.

එම සමාගම සඳහන් කළේ එහි ගොඩබෑම් සිදු කිරීමෙන් අනතුරුව ලාෆ් ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම ලිට්‍රෝ සමාගම සඳහන් කලේ ගෑස් මෙට්‍රික් ටොන් 2,500ක් රැගත් නෞකාවක් හෙට මෙරටට ළඟා වීමට නියමිත බවයි

අනුව එහි ගොඩබෑම් අනිද්දා සිදු කිරීමෙන් පසු ලබන අඟහරුවාදා පමණ වන විට බෙදාහැරීම් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි.

එතෙක් ලිට්රෝ ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි ලිට්රෝ සමාගම ජනතාවට දැනුම් දී ඇත්තේ

Aruna